මේක නම් ඇත්ත කතාවක්. මම පත්තරේක මේ සිද්දිය දෑක්කේ.ඒක කියවද්දි ගොඩාක් හිතට දෑනෙන කතාවක්. ඒක කවියෙන් ලිවුවොත් ඕගොල්ලන්ට තවත් හොදින් දෑනෙවි කියල හිතුවා!
කියවලම බලන්නකො!
* * * * *
මොහදුරු දුරෑර දා නෑග ආ වෙසක් සද
වෙනදා නෑති සොවින් නුබ ගෑබ වෙතට වෑද
කොළඹට නුදුරු පවුලක් ගෑන වදන් බෑද
පෑවසී කතවක් සෝ දුක් කදුලු මෑද
වෙනදා නෑති සොවින් නුබ ගෑබ වෙතට වෑද
කොළඹට නුදුරු පවුලක් ගෑන වදන් බෑද
පෑවසී කතවක් සෝ දුක් කදුලු මෑද
සෑමියාගේ මවද මේ නිවසේ උන්නා
තවමත් වයස නෑති පොඩි දරුවන් දෙන්නා
බලමින් මහලු මවගේ දිවි ගත වෙන්නා
දරදිය ඇද දෙමින් කොපමණ කළත් හොද
බිරියට මහලු මව වස මුසු බතක් ලෙද
කොපමණවත් කියා ඈයගේ වෑඩෙහි ඇද
සෑමිය හට නිතර ඈ ගෑන කරයි වද
බිරිදගෙ කරදරය ඉවසන්නට බෑරුවා
පුතුගෙ සිත් රියත් බිලි ගති මග මරුවා
දුක් විද තමන් වෑදු බව අමතක කෙරුවා
මවගෙන් ගෑලවෙන්න මොහු ක්‍රමයක් යෙදුවා
ඔවුනගෙ සිතෙ වූ අදහස නොම දන්න
ඈ හට සිතක් විය පෝයට සිල් ගන්න
තෙල් මල් රෑගෙන සිල් රෙදි පොරවා ඔන්න
ඈ පාරට වෑදුනි පන්සල වෙත යන්න
සවස නෑවත තම නිවසට පුරුදු ලෙස
ඇය පෑමිණියා පුරවාගෙන කුසල් පෑස
ඇතුලු වන විටම වත්තට ඉදිරි පස
නෙතු යොමු උනා දොර මත වූ අගුලු දෙස
කුලිය ගෙවා පවුලම ඉන් ගොස් ඇත්තේ
ඒ බව නිවෙස් හිමියාගෙන් දෑන ගත්තේ
දුක් ගනිමින් වෑදු පුතු දුන් දුක දත්තේ
ඈ ඇද වෑටුණි සිහිසන් නොමෑතිව වත්තේ
* * * * *
තමන්ගේ අම්මට මේ වගේ දෙයක් කරන්න පුතෙකුට පුලුවන්ද?
මට නම් එහෙම දෙයක් හිතගන්නවත් බෑ....
ඕගොල්ලොත් තමන්ගෙ අම්මා තමන් වෙනුවෙන් උහුලපු දුක් කද අදුනන, තමන්ගෙ අම්මට පණටත් වඩා ඇත්තටම ආදරය කරන පුතෙක් නම් මගේ හෑගීමම ඇති!